Tuesday, 2 April 2019

කවුද මේ මේරි මැග්දලේනා..?

අද අපේ කතාව ඩාවිංචිගෙන් පටන් ගන්නට හිතුවා. ඩාවිංචි කියන්නෙ කවුද කියල ඇහුවොත් ඔබ දෙන පිළිතුර “චිත්‍ර ශිල්පියෙක්” කියලා වුණත් ඩා විංචි කියන්නෙ එහෙම එක ක්ශේත්‍රයකට කොටු කරලා තියන්න පුලුවන් කෙනෙක් නෙමෙයි. හරි රවුම් ගහන්නැතුව අපි බලමු කවුද මේ ඩාවිංචි කියලා.
කවුද මේ ඩා විංචි..?
ලියර්නාඩෝ ඩා විංචි ලියර්නාඩෝ සර් පියෙරෝ ඩා විංචි ඉපදෙන්නෙ ඉතාලියේ ෆ්ලෝරන්ස් නුවරදී. ඒ 1452 අප්‍රේල් 15 වෙනිදා. ඩාවිංචි හැඳින්වෙන්නේ “විශ්වීය බුද්ධිමතෙක්” හැටියට. ඒකට හේතුව ඔහු එක් ක්ශේත්‍රයක් නොව ක්ශේත්‍ර බොහෝ ගණනක් අතැඹුලක් සේ දැන උගත්තෙක් වීම. විශේෂත්වය වුණේ ඒ ක්ශේත්‍ර එකිනෙකට එකක් පරස් පර වීම. චිත්‍ර ඇඳීම, බිත්ති චිත්‍ර, මූර්ති, කැටයම් ආදී කලා නිර්මාණ ඔහු අතින් නිමැවුණා. ඒ වගේම නව නිපැයුම්, නව චින්තන ධාරා ඔස්සේ සිතීම ආදිය ද ඔහු විසින් සිදු කරනු ලැබුවා. ඊට අමතරව වාස්තු විද්‍යාව, නගර නිර්මාණය ආදිය කෙරෙහිත් ඔහු දැක්වූයේ අරුම දක්ශතාවක්. ඒ විතරක් ද..? ලේඛණ කලාව, කවිය පවා ඔහුගේ ස්පර්ශයට ලක් වුණා. ගණිතය, විද්‍යාව ආදී නූතන ලෝකයේ විශයන් ද ඔහුගේ දැක්මට හසු වුණා. ඩාවිංචි මිය යන විට බොහෝ වැදගත්, විද්‍යාත්මක, තර්කානුකූල මෙන්ම කලාත්මක දේවල් බොහොමයක් මෙලොව ඉතුරු කර ගොස් තිබුණා. ඔහු මිය ගියේ 1519 මැයි 02 වැනිදා.

ලියනාර්ඩෝ ඩා විංචි

ඩා විංචිගේ නිර්මාණ

Salvator Mundi (1500)

Monalisa (1503)

The Last Supper (1498)

Lady with an Ermine (1490)

Virtuvivan Man

Mary Magdalene

Madonna of the Carnation (1480)

The Virgin and Child with St. Anne (1503)

The Battle of Anghiari (1505)

ඔහුගේ නිර්මාණ අතරින් කිහිපයක්. මේ නිර්මාණ බොහොමයක් පවුම් මිලියන ගණන්, ඩොලර් මිලියන ගණන් වටිනාකම් වලට හිමිකම් කියන නිර්මාණ. ඒ වගේම දැඩි ආරක්ශාවක් සහිතව විවිධ කෞතුකාගාර වල සහ ඉපැරණි ක්‍රිස්තියානි දේවස්ථාන වලදී නැරඹිය හැකි නිර්මාණ.

The Da Vinci Code හි බොහෝ විට ලියනාර්ඩෝ ඩා විංචි ගැන කියවෙන්නේ Priory Of Sion රහස් සංවිධානයේ ප්‍රධාන ගුරු තනතුරේ සිටි අයෙක් විදිහටයි. මොකක්ද ඇත්තටම මේ Priory Of Sion කියන්නේ..?

Priory of Sion

අපි ගිය සතියේ දල වශයෙන් ඔබට කිවුවා මොකක්ද මේ සංවිධානයේ අරමුණ කියා. මේ සූදානම ඒ ගැන තවත් විස්තර ඔබ සමග කතා කරන්නටයි. Priory Of Sion ඇත්තටම ඉපදෙන්නේ 1956 අවුරුද්දෙදියි. කියවෙන කතාන්දර වල විදිහටනම් මේ සංවිධානයේ අතීතය ගැන කතා දෙකක් තියෙනවා. එකක් තමයි මේක 1099 වසරේදී ජෙරුසෙලමේදි ආරම්භ වෙලා රහසිගතව පැවතුණ බවත්, මේක ලෝකයට නිරාවරණය වුනේ 1956 බවත් ය කියන කතාව. අනික තමයි මේකට කිසිම ඓතිහාසික පදනමක් නැතය, මේ අය කියන ඉතිහාසය ප්‍රෝඩාවක් ය කියන කතාව. මේ මොකක් වුණත් Priory Of Sion යන්න දීර්ඝ ඉතිහාසයක් සහිත රහසිගත සමාජයක වර්ත්මාන මුහුණුවර බව “ඩා විංචි කේතය” කෘතිය තුල සඳහන් වෙනවා.

Priory Of Sion ලාංඡනය

( පහසුව තකා Priory Of Sion – POS ලෙස හඳුන්වමි )

අපි කලින් කොටසේදී පැහැදිලි කලා මොකක්ද POS හි අරමුණ කියලා. මේරි මැග්දලේනාගේ සිරුර සහ මේරි මැග්දලේනාගේ දිනපොත කියන ලේඛණය ලෝකයෙන් සඟවාගෙන ඉන්නේ මේ රහසිගත සංවිධානයේ උදවිය කියලයි කියන්නේ. ඒ වගේම මේ සංවිධානයේ අය මේ මහා රහස ගැන විවිධ විවිධ අයුරින් අඟවන්න උත්සාහ කලා කියන කාරණයත් සඳහන්. මෙන්න මෙතනදී තමයි ඩා විංචි ප්‍රබල සාධකයක් වෙන්නේ. ඊට කලින් අපි බලමු කවුද මේ මේරි මැග්දලේනා කියන්නේ කියලා..?

කවුද මේ මේරි මැග්දලේනා..?

මේරි මැග්දලේනා කියන්නෙ ජේසුස් වහන්සේගේ අවධියේ හිටපු ජේසුස් වහන්සේට ආසන්න වයසක පසු වුණ කාන්තාවක්. ඇය ජේසු හා සම්බන්ධ වීම අහම්භයක් නොවෙයි. ඇය ජේසු හා ඔහුගේ පිරිවර සමග පාද යාත්‍රා කල තැනැත්තියක්.

Gospel of Luke කියන්නේ ජේසුස් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ කාරණා ගැන සඳහන් ලියවිල්ලක්. මේ ලියවිල්ලෙදී “මේරි” ධනවත් කාන්තාවක් බව ඇඟවෙනවා. ඒ වගේම ජේසුස් වහන්සේගේ ජීවිතයේ වැදගත්ම සංසිද්ධීන් තුනක් වන කුරුසගතකිරීම, භූම දානය සහ උත්ථානය කියන අවස්ථා තුනේම ඇසින් දුටු සාක්ශි කාරිය ලෙස බයිබලය නම් කරන්නේ මරියා නොහොත් මේරි.

මේරි මැග්දලේනා (පසුකාලීන සිතුවමකි)

ඒ වගේම බයිබලයම තවත් තැනක ඇයව පවු කාර ගණිකාවක් ලෙස නම් කරනවා. අවුරුදු 591 දී “පළමු ග්‍රෙගරි පාප් වහන්සේ” ඇයව “පවු කාර ස්ත්‍රියක්” ලෙස හඳුන්වනවා. ඒ වගේම අතීත පියතුමන්ලා, දේවගැති තුමන්ලා මේ මේරි චරිතය ගැන කතා කරලා තියෙන්නෙ ඉතාම අඩුවෙන් බව සඳහන් වෙනවා. ජේසුස් වහන්සේගේ ජීවිතයේ වැදගත්ම සංසිද්ධීන් තුනේම සාක්ශිකාරිය ලෙස බයිබලයම සඳහන් කරන මේරි මැග්දලේනා එහෙම හංගන්න හේතුව මොකක්ද..? එලෙස පවු කාර ගැහැනියක් ලෙස හංවඩු ගහන්න හේතුව කුමක් ද..?

ඉතින් මෙන්න මේ විදිහට මරියාව හංගන්න හේතුව හරියටම දන්නෙත්, ඒක සනාථ කරන ලියවිලි තියෙන්නෙත්, මේ මරියාවගේ සොහොන ගැන දන්නෙත් POS සමාජයේ උදවිය කියලයි කියවෙන්නේ.

මේ ඔක්කොම අස්සේ මහා රහසක් එලිවෙනවා. ඒක මේ “ඩා විංචි කේතයේ” දක්වලා තියෙන්නෙ ඉතා සරලව. ඒත් ඒක ඒ තරම් සරළ නම් නැහැ. ඒ කාරණය ඊලඟ සතියට තියලා අපි යමු ආයෙමත් ඩා විංචි දිහාවට.

ඩා විංචිගේ චිත්‍රය

The Last Supper මේක තමයි “ඩා විංචි කේතය” පොත කියවන, චිත්‍රපටය බලන පාඨක සහ රසික ප්‍රජාව හොල්මන් කරන තැන. බලන්නකෝ. මේ තියෙන්නෙ අවසන් භෝජන සංග්‍රහය කියලා සිංහලෙන් අපි හඳුන්වන ඩා විංචිගේ “The Last Supper” චිත්‍රය.

No comments:

Post a Comment