Monday, 8 April 2019

අගරදගුරු මැල්කම් රන්ජිත් පියතුමා කාදිනල් ධූරයට


කිතුනු සාහිත්‍යයට 2009 වසරේ අප එක්‌ කළ ප්‍රථම විචාර සංග්‍රහයේ (ක්‍රිස්‌තු චින්තන හා සිරිලක කිතු සස්‌න ගොඩගේ ප්‍රකාශනයකි) 66 පිටුවේ සටහනකින් අපි මෙබඳු අනාවැකියක්‌ පළ කළෙමු.
කොළඹ අගරද ගුරු නිලය භාර ගෙන කෙටි කලකින් මැල්කම් රංජිත් හිමි, ලෝක කතෝලික සභාවේ සසුනිසුරු (පාප්) තනතුරට පමණක්‌ පහළ කාදිනල් (පුරෝහිත) ධුරයකට උසස්‌ කෙරෙනු ඇත.
අනාවැකිය, ගත වෙන මේ ඔක්‌තෝබරයේ ඉටුවී ඇත.
ඊළඟ පාප් තනතුරු සඳහා පත්වීමටද, මනාපය පළකිරීමටද, හිමිකම් ලබන කාදිනල් මණ්‌ඩලයේ නව නාමලේඛනයක්‌ මේ සතියේ වතිකානුවෙන් නිකුත් වීමට නියමිතව ඇතැයි වතිකානු තානාපති කාර්යාල ආරංචි මාර්ග වලින් අපට දැනගන්නට ලැබී තිබිණි..
නව නාමලේඛනයේ ආසියාතික රදගුරුවරු සිවුදෙනකු සිටිතැයි ද, ඉන් එක්‌ අයෙකු වන්නේ ශ්‍රී ලංකාවේ අගරදගුරු මැල්කම් රංජිත් හිමි බවද ඒ ආරංචි මාර්ග තවදුරටත් හෙළි කළේය.
මැල්කම් රංජිත් හිමි හා රෝම සංචාරයක යෙදී ඊයේ පෙරෙයිදා යළි මෙ රට පැමිණි, කොළඹ පදවියේ ජ්‍යෙෂ්ඨ පූජකවරු කීප දෙනෙක්‌ද ඒ අනුමානය තහවුරු කළහ.
මේ සතියේ නිකුත්වන නව කාදිනල් සාමාජික ලේඛනයේ රදගුරු හා අගරදගුරුවනට පත්වීම් ලිපි ප්‍රදානය, ඔක්‌තෝබර් අග සතියේ වතිකානුවේදී සිදු කෙරෙන බව, එහි වෙසෙන ශ්‍රී ලාංකික නොවිල් ජෝ පියනමද කතෝලික මාධ්‍ය ආයතනවලට දන්වා ඇත.
ලෝක කතෝලික සභාවේ දෙවන පෙළ ප්‍රධානින් වන්නේ කාදිනල් වරුය. මුල් පෙළේ මහානායකයා පාප්තුමාය. වත්මන් කාදිනල් මණ්‌ඩලය 200 ඉක්‌මවනු ඇත. ලොව බොහෝ රටවලින් පත්වූ සාමාජිකයන් ඒ අතර වේ. වසර විසි තිස්‌ ගණනකට පෙර කාදිනල් මණ්‌ඩලයේ වැඩි දෙනා යුරෝපීය විය.
දැන් ඒ තත්ත්වය ආසියාප්‍රිකාවට මාරු වෙමින් තිබේ. ඇබෑර්තුවක්‌ ඇති වූ විට, ඊළඟ පාප් වරයා තෝරා ගන්නේ වයස අවු( 80 ට අඩු කාදිනල් වරු අතරිනි. මනාපය පාව්චිචි කරන ඉඩ ඇත්තේද අවු( 80 ට අඩු කාදිනල් වරුනටය.
කාදිනල්වරු යනු විශ්ව කතෝලික සභාවේ ලෞකික හා අධ්‍යාත්මික පරිපාලනය සඳහා පාප්තුමාට සහාය වන "පුරෝහිත" පිරිසය. එම තනතුර ක්‍රිස්‌තුතුමා විසින් ස්‌ථාපිත කරන ලද්දක්‌ නොවේ. පසු කලක පාප්වරු විසින් පරිපාලන පහසුව සඳහා ඇති කරගත් තනතුරකි.
කාදිනල් තනතුර රදගුරු තනතුරට වඩා ඉහළය. ඇඳුමෙන්ද පැළඳුමෙන්ද වෙනස්‌ය. කාදිනල් කායික පළඳනාව රතු ඔලොගුවකි. රතු හිස්‌ වැස්‌ම හා පේරැස්‌ මුද්ද තනතුරේ බාහිර ළකුණුය.
1950 ට පෙර ඉතා වටිනා සළුපිළි අභරණින් සැරසී රෝම රාජ කුමාර ලීලාවෙන් ජීවත් වූ කාදිනල් සම්ප්‍රදායක්‌ විය. 12 සියුස්‌ පාප්තුමා (1953) ඒ කුමාර සිරිත් ඉවත් කර දැම්මේය.
ආසියා අප්‍රිකා හා ලතින් ඇමරිකානු රටවලින් කාදිනල්වරු බහුල වීම ඊට හේතු විය. ඇඳුම් චාම් විය. කඩුකස්‌තාන හා හේවාපන්න ඉවත දැමිණි.
ධාර්මික තීන්දු ගැනීමේදී පාප්තුමෙකුට නොවරදින සුළු බවක්‌ ඇතැයි කතෝලිකයන් අතර විශ්වාසයක්‌ විය. පාප්තුමා මුළු ලෝකයටම බලපාන තීන්දු ගැනීමේදී කාදිනල් මත විමසන බවද පැවසේ. එහෙත් තමන් ගත් තීන්දු වැරදි බව පවසා, ලෝකයෙන් සමාව ඉල්ලා සිටීමට ෂෂ ජුවාම් පාවුළු පාප්තුමාට 2002 දී සිදු විය.
ලොව කුඩාම රාජ්‍ය වූ වතිකානය පාලනය කරන කාදිනල් කමිටු වේ. එසේම ලෝක කතෝලික සභාව පාලනය කරන කාදිනල් කමිටුද වේ. ඒවායේ සභාපති කාදිනල්වරයා බොහෝ විට පාප් පාර්ලිමේන්තුවේ ඇමැතිවරු බඳු වේ.
1990 දීද මෙරටට කාදිනල් තනතුරක්‌ ප්‍රදානය කිරීම පිළිබඳව විමසීමට ටොම් කෝ නමැති කාදිනල් වරයකු පැමිණියේය.
එහෙත් එසේ සිදු නොවීය.
මෙවර නම් නිට්‌ටාවට ම එය සිදුවෙනු සිකුරුය. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සූදානම් කරන ලෙස, නෙවිල් ජෝ පියනම තම රට කතෝලික මාධ්‍ය ආයතනවලට දැනටමත් දන්වා ඇත.
ලෝක කතෝලික සභාවේ කාදිනල් නිලයකට පත් මේ රට පළමුවැන්නා, 1946-1976 වකවානුවේ මෙ රට අගරදගුරු නිලය දැරූ තෝමස්‌ බෙන්ජමින් කුරේ හිමිය. 1965.02.25 දා කාදිනල් නිලය ලත් එතුමා 1988 අපවත්විය. එතුමාගෙන් පසු මේ රටට අහිමිවූ කාදිනල් මණ්‌ඩල අසුනට යළි ශ්‍රී ලාංකිකයකු පත් වන බව පැවසෙන්නේ වර්ෂ විසි දෙකකට පසුවය.
2009 අගෝ( 05 දා කොළඹ අගරදගුරු තනතුර නිල වශයෙන් බාර ගත් මැල්කම් රංජිත් හිමි තනතුර බාරගෙන මාස 14 ගෙවෙද්දී කාදිනල් තනතුරකට යෝජනා වී තිබේ. තෝමස්‌ කුරේ හිමිට ඒ වාසනාව උරුම වූයේ වසර 19 කට පසුය. (1946-1965)
කොළඹ අගරදගුරු ධුරයට පත්වූ නව වැන්නා මැල්කම් රංජිත් හිමිය.
1947.11.15 දා පොල්ගහවෙලදී උපන් පටබැඳිගේ දොන් ඇල්බට්‌ මැල්කම් රංජිත් හිමිගේ පියා දුම්රිය ස්‌ථානාධිපතිවරයකු විය. මව සාමාන්‍ය කාන්තාවක වූවාය.
මෝදර ලුණුපොකුණ රෝ. ක. මිශ්‍ර පාසලේ (1960 ට පෙර ආධාර ලත්) මූලික අධ්‍යාපනය ලත් මැල්කම් රංජිත් හිමි පූජක වරයකු වීමේ අපේක්‍ෂාවෙන් බොරැල්ල ශා. ඇලෝසියස්‌ දෙව්සත්හලට ඇතුළුව ඇත්තේ 1965 මාර්තු 15 දාය.
දස වසරක පුහුණුවෙන් පසු 1975 ජුනි 29 දින රෝමයේදී එතුමා පූජකවරය ලැබීය.
පළමුව පමුණුගම ශා. ජෝශප් දෙව් මැදුරේ සහායක පියනම වූ එතුමා, මීසම් සේවක තනතුරට පත්ව ඇත්තේ පයාගල රෝ. ක. දෙව්මැදුරටය. 1982 දීය.
1991 දී එතුමා කොළඹ සහායක රදගුරු ලෙස උසස්‌ කෙරිණි. 1995 දී රත්නපුර ප්‍රථම අගරදගුරු ලෙස පත් කෙරිණි.
2001 සිට වතිකානයේ පාප්තුමාගේ ආගමික පරිපාලන ඒකකයක ලේකම් ලෙස පත්ව ගිය එතුමා 2004 අප්‍රේල් මස සිට ඉන්දුනීසියාවේ වතිකාන තානාපති ලෙස පත්ව ගියේය.
16 බෙනඩික්‌ පාප්තුමා, 2009 අගෝ( මස සිට එතුමා කොළඹ අගරදගුරු නිලයට උසස්‌ කළේය.
ෂඩ් භාෂා පරමේශ්වර ලෙස නම් දැරූ භාෂා හයක්‌ දැන සිටි භික්‌ෂුන් වහන්සේලා වැඩ සිටි රටේ ෂෂ කාදිනල් ධුරයට යෝජිත මැල්කම් රංජිත් හිමි, භාෂා දහයක්‌ දැන සිටින බව අර්නස්‌ට්‌ පෝරුතොට පියනම පවසයි. (මැල්කම් රංජිත් රදගුරු හිමි ගොඩගේ ප්‍රකාශනයකි) සිංහල, ඉංග්‍රීසි, දෙමළ, ජර්මන්, ප්‍රංශ, හීබෲ, ග්‍රීක, ලතින්, ස්‌පාCඳ්Cඳ, ඉතාලි, භාෂාය.)
කාදිනල් තනතුරකට කෙනෙකු තෝරා ගැනෙන මිණුම් දඬු අප්‍රකටය. අගරදගුරු හා රදගුරුවරු මෙන්ම පූජකවරුද කෙළින්ම කාදිනල් ධුරවලට පත් කළ අවස්‌ථා ඇත (23 ජුවාම් පාප්තුමාගෙන් පසු)
කිසිදු රටක දේශපාලන බලපෑම්වලට යටත්ව කාදිනල් ධුරවලට පත්කළ අවස්‌ථා නැත. සමහර රටවල ආණ්‌ඩු විරුද්ධ වෙද්දී, කාදිනල් තනතුරුවලට පුද්ගලයන් පත්කළ අවස්‌ථා වේ.
ජනතා ඉල්ලීම් මත කවරකුට හෝ කාදිනල් තනතුරු දුන් අවස්‌ථා දැන ගන්නට නැත.
මෙරට ප්‍රථම කාදිනල් තනතුරට තෝමස්‌ බෙන්ජමින් කුරේ හිමි පත්කරන ලෙස, රටට යෝජනා කළේ කතෝලික පත්‍ර කලාවේදියෙකි. ක¹නේ ප්‍රැන්සිස්‌ පී. ගුණසේකර මහතාය. ඩී. බී. ධනපාල යුගයේ ඉරිදා ලංකාදීප පත්‍රයකිනි (එතුමා මෑතක ඉතා අප්‍රකටම මිය ගියේය)
කාදිනල් ධුරයට පත් වෙන මැල්කම් රංජිත් හිමි, මෙරට කතෝලික සභාව හා සබැඳි පැරැණි තීන්දු කීපයක්‌ ගැන අවධානය යොමු කළ යුතුය.
පූජක කේන්ද්‍රීය බව ඉවත් කර ගිහි පැවිදි, පූජක රදගුරු මිත්‍රශීලී සභාවක්‌ වීමට 1995 දී, මෙරට කතෝලික නායකයන් ගත් තීන්දුවය. බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය.
ආසියාවේ උපන් කිතු දහම ස්‌වදේශීය ධර්මායතනක්‌a කිරීමට මුල පිරුවේ තෝමස්‌ කුරේ කාදිනල් හිමිය. එතුමාගේ ඇවෑමෙන් ඒ වෑයම යටපත්ව ගොස්‌ය. දැන් යළි ලතින් දේව මෙහෙයයන් මේ රට ග්‍රාමීය දෙව්මැදුරු වල පවත්වන තරමට ශ්‍රී ලංකා කතෝලික සභාව "රෝමානු" වෙමින් තිබේ.
මර්සලින් ජයකොඩි අර්නස්‌ට්‌ පෝරුතොට බඳු පියවරුන්ගේ උත්සාහයෙන්ද ෂෂ වතිකාන මන්ත්‍රණ සභාවේ නියෝගානුකූලවද ස්‌වදේශීය වූ මේ රට කතෝලික සභාව යළි යුරෝපීය වෙමින් තිබේ.
කතෝලික ජන මාධ්‍ය හා ආර්ථික ව්‍යාපාර ගිහියන් අතට පත් කරන තීන්දු 1962 ශ්‍රී ලංකා ජාතික කතෝලික කථිකාව විසින් ගෙන තිබේ.
පූජකවරු ඔවුන් දිගු කලක්‌ තිස්‌සේ පුහුණුව ලද ආධ්‍යාත්මික ආගමික කටයුතුවලම යෙදවිය යුතු බවට බලවත් ගිහි යෝජනාවක්‌ තිබේ.
අධික පොලී ලාභ පතා, සෙලින්කෝ බඳු ආයතනවල රුපියල් මිලියන ගණන් තැන්පත් කළ රදගුරුවරු හා පූජකවරු මේ රට සිටී.
ඒවා මා දකින්නේ කාදිනල් මැල්කම් රංජිත් හිමි, තමාට වයස 75 වනතුරු මෙරටදී මුහුණ දියයුතු අභියෝග ලෙසය.
-සිරිල් එඩේරමුල්ල

No comments:

Post a Comment