Wednesday, 27 March 2019

එදා බෞද්ධ රාජ්‍යයක් වූ මාලදිවයින, බෞද්ධ රජු ඉස්ලාම් ආගම වැලදගැනිමෙන් මුස්ලිම් රටක් වූ ලෙසින්ම ලංකාව අන්‍යාගමික කිරිමේ තැනක්


Jahilic Buddhist Stupa of Maldives 
මාලදිවයිනට කියන තවත් නමක් වනුයේ දිවේහි Maldivian (Dhivehi) ලෙසයි. එය ශ්‍රීලංකාව අතීතයේදි සිංහලේ (Ceylonese) ලෙස හැදින්වු ආර්‍යගෙන්න් පැවත එන නාමයට සමානම ආර්‍ය නාමයකි. ඉතිහාසයේ අශෝක අධිරාජ්‍යයගේ සමයේ සිට බෞද්ධ රාජ්‍යයක් ලෙස පැවති මාලදිවයින අරාබි වෙළෙඳාම සඳහා පැමිණි අරාබි ජාතිකයින්ගේ බලපෑම් හමුවේ මාලදිවයින අවසාන බෞද්ධ රජු වු ද්වෝමි රජතුමා බෞද්ධ ආගම අතහැර ඉස්ලාමීය ආගම වැලදගත්තේ ය.

එමෙන්ම මාලදිවයින අදටත් පෞරාණික බෞද්ධ සංස්කෘතියට අයත් බොහෝ දේ මාලදිවයිනේ තිබෙන අතර එහි දුපත් 59 ක හදුනාගත් බෞද්ධ සිද්ධස්ථාන ලැයිස්තුවක් 1990 දි එවකට මාලදිවයින ඉතීහාසඥයකු වන හසන් මොහොමඩ් මනික්කු විසින් ප්‍රකාශ කොට ඇත. එහෙත් මේ වනවිට සම්පූර්ණයෙන්ම මාලදිවයින ඉස්ලාමීය ජනරජයක් වන අතර පුරවැසියන්ට ඉස්ලාමීය ආගම හැර වෙන කිසිම ආගම ඇදහිම ප්‍රවර්ධනය කිරිම හෝ එරටේ අධිකරණය මගින් දඩුවම් ලැබිය යුතු වරදකකි. 
එදා මාලදිවයිනට අත්වු ඉරණම නව ව්‍යවස්ථාවක් හරහා ශ්‍රී ලංකාවේ සිදු කිරිමට බොහෝ පිරිස් සූදානම්ව සිටින අතර එයට විශාල වශයෙන් විදේශ ආධාර මත නොයෙකුත් සිවිල් හා රාජ්‍ය නොවන සංවිධානයන් ඇතුළු දෙමළ ඩයස්පෝරාවේ සහයෝගය ඇතුව දේශපාලන පක්‍ෂද විශාල කාර්යය භාරයක් මේ දිනවලදී කරගෙන යනු ලබයි.
එහෙත් අපේ රටේ වාසනාවකට මෙන් මහනාහිමියන් ප්‍රමුඛව ගරුතර සංඝරත්නය මෙම කුමන්ත්‍රණය සම්බන්ධව අවබෝධ කරගෙන දැනට පවතින ව්‍යවස්ථා වෙනුවට අලුත්ම ව්‍යවස්ථාවක් ගෙන ඒමට සාමුහිකව විරෝධය ප්‍රකාශ කොට ඇත 

No comments:

Post a Comment