Friday, 31 May 2019

රොහාන් පල්ලේවත්ත පිළිබදව ඔබ නොදත් කරුණු කිහිපයක්!

රොහාන් පල්ලේවත්ත පිළිබදව ඔබ නොදත් කරුණු කිහිපයක්!
1. රොහාන් පල්ලේවත්ත සාර්ථක ව්‍යාපාරිකයෙකි. කම්කරු උසාවියේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව වැඩිම නඩු ගණනක් පවතින්නේද රොහාන් පල්ලේවත්තට එරෙහිව ය. ඔහුගේ සේවකයන්ට අයිතීන්, වරප්‍රසාද හිමිකර දීම සහ ව්‍යාපාරික ආචාර ධර්ම පිළිපැදීම ඒ තරම් ඉහළය.
2. රොහාන් පල්ලේවත්ත දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රීක්කයට යමින් දේශපාලන වැඩ සටහන් පවත්වයි. ඔහුගේ එම සියලු රැස්වීම් සංවිධානය කරන්නේ එම පළාතේ එජාප මන්ත්‍රීවරුන් විසින් ය. පසුගිය දින ඔහුගේ රත්නපුර දිස්ත්‍රීක් වැඩමුලුව පැවති අතර එය සංවිධානය කළේ රත්නපුර දිස්ත්‍රීක් එජාප මන්ත්‍රී හේෂා විතානගේ විසින් ය.
3. රොහාන් පල්ලේවත්තගේ දේශපාලන ඇදුරා සහ මිතුරා රුවන් ෆර්ඩිනැන්ඩස් ය. මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන රුවන් ෆර්ඩිනැන්ඩස් ලාංකේය දේශපාලනයේ ප්‍රකට නූල් සූත්තරකරුවෙකි. 2015දී මහින්ද රාජපක්ෂ පැරදවූ මහා මෙහෙයුමේ සුලු ජාතික ඡන්ද කැඩීමේ ප්‍රධාන මෙහෙයක් සිදු කළ බොදු බල සේනාවේ ජාතික සංවිධායක දිලන්ත විතානගේද රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ ඉත්තෙකි.
4. රොහාන් පල්ලේවත්තගේ ඉලක්කය, ස්වමත‍යක් නොමැති රැලි වලට පහසුවෙන් හසු වෙන මධ්‍යයම පන්තිය බව පෙනේ. විමසා නොබලන පහසුවෙන් රැවටිය හැකි ශ්‍රී ලංකාවේ මධ්‍යයම පංති‍යේ තරුණයන්ට ප්‍රායෝගික නොවන පොරොන්දු ඔස්සේ බලාපොරොත්තු ලබා දීම ඔහු සිදු කරයි. මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයද මෙයට අතිශය සමානය. බොහෝවිට මෙම මැතිවරණ ව්‍යාපාරයේද මෙහෙයුම්කරු රුවන් ෆර්ඩිනැන්ඩස් විය හැක.
5. රොහාන් පල්ලේවත්ත මෛත්‍රීපාල සිරිසේනගේ ඥාති සොහොයුරෙකි.
Ishan Jayasooriya
රොහාන් පල්ලේවත්තගේ පක්ෂයේ උපසභාපති වන මහාචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ යනු මංගල සමරවීරගේ ගෝලයෙකි. ඔහු මංගල සමාවීර වරාය ඇමති කාලයේ වරාය අධිකාරියේ සභාපතිකමද, මංගල සමාවීර නගරික සංවර්ධන ඇමති කාලයේ නගරික සංවර්ධන අධිකාරියේ සභාපතිකමද දැරීය
රොහාන් පල්ලේවත්ත උපන්ගෙයි බොරු කාරයෙකි. ඔහු කියනා ආකාරයට ටොයොටා සමාගමට එයාර් බෑග් මුදවන යාන්ත්‍රනය සයා ගත්තේ ඔහු නොවේ. රොහාන් කලමනාකරණ අධ්‍යක්ෂක වන හාර්නස් සමාගම ලංකාව තුල මෙම යාන්ත්‍රණය නිපදවන්නට පෙර තවත් ජපන් ජාතික සමාගමක් වන ටොස් ලංකා සමාගම ලංකාව තුලම මෙම යාන්ත්‍රණය නිමවමින් ටොයොටා ආයතනයට එය අපනයනය කිරීම අරඹා තිබුනි. එසේම රොහාන් අයිතිකරු ලෙස පෙන්වන්නට උත්සාහ කරන 
හාන්ස් සමාගම අයිතිද ඔහුට නොවේ. එහි සෑබෑ අයිතිකරු අද ඉතා මහලු වියේ පසුවන රොහාන්ට සමාගම හසුරවන්නට බොහෝ නිදහසක් දී ඇති ජපන් ජාතිකයෙකුටය.
කොටින්ම රොහාන් පල්ලේ වත්ත පට්ට පල් බොරු කාරයෙකි.
Suranga Edirisinghe

No comments:

Post a Comment