කිරිබත්ගොඩ මුදලාලිගේ මහමෙව්නා මෙගා ව්‍යාපෘති....!!! Mega Projects with Asapu....!!!
කිරිබත්ගොඩ ඤාණානන්දගේ ඩුප්ලිකේට් මහමෙව්නාවේ සම්බුද්ධ රාජ මාළිගාව තුළ නාරි ලීලාවෙන් අඹා ඇති සමලිංගික ප්‍රතිමා තවදුරටත් බුද්ධ ප්‍රතිමා යැයි සලකා වැඳුම් පිදුම් කළ යුතු නැත.
සෑම බුදුරජාණන් වහන්සේ නමකටම සම්මා සම්බුද්ධත්වයට පත්වීමට සෙවණ සලසා දෙන වන්දනීය වූ බෝධීන් වහන්සේනමක් සිටිති. මහාකාරුණික බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයට පත්වීමට සෙවණ සලසා දුන් ඇසතු බෝධිය දෙස සතියක් උන්වහන්සේ ඇසිපිය නොහෙලා ගෞරව දැක්වූ බව සියලු දෙනාම පාහේ හොඳින්ම දන්නා කරුණකි. බෝධීන් වහන්සේලා හට පූජනීය වස්තූන් ලෙස සලකමින් වන්දනා මාන කිරීම මහාකාරුණික බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ පටන්ම පැවත එන්නකි. සැවැත් නුවර ඡේතවනාරාමයේ බෝධියක් රෝපණය කිරීම පිණිස ආනන්ද හිමියන් කළ ඉල්ලීම බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කළ සේක. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් අහසින් වැඩමවා ගෙනවුත් සැවැත් නුවර ඡේතවනාරාමයේ රෝපණය කොට මහාකාරුණික බුදුරජාණන් වහන්සේ ඒ බෝ සෙවණේ සමාපත්ති සුවයෙන් සතියක් වැඩ සිටිමින් පාරිභෝගික වස්තුවක් බවට පත්කළ සේක. මහාකාරුණික බුදුරජාණන් වහන්සේ වැඩසිටියදීම ඡේතවනාරාමයේ බෝධියක් රෝපණය කරවීම මිනිසුන් හට බෝධි වන්දනාව පුරුදු කරවීමක් බඳුය. ඒ පූජනීය බෝධිය අදටත් ආනන්ද බෝධිය නමින් ඡේතවනාරාමයේ වැඩ සිටිති.
මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට ලක්දිව ගෞතම බුදුසසුන ස්ථාපිත කිරීමත් සමඟ අනුලා දේවිය ප්‍රධාන පන්සියයක් අන්තඃපුර බිසවුන් හට පැවිදි බිමට එළැඹීමේ අවශ්‍යතාව ඇතිවිය. ඒ වෙනුවෙන් සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ලක්දිවට වැඩම කරවීමට ආරාධනා කිරීම පිණිසත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් ලක්දිවට වැඩමවා ගැනීම පිණිසත් මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පිට දේවානම් පියතිස්ස මහරජතුමා විසින් තම බෑනා වූ අරිට්ඨ නම් අමාත්‍යවරයා ඉන්දියාවට පිටත්කර යැවීය.
අරිට්ඨ නම් අමාත්‍යවරයා පවා ශ්‍රී මහා බෝධීන් වහන්සේවත්, සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේවත් ලක්දිවට වැඩමවා ගෙන ඒම පිණිස ඉන්දියාව බලා පිටත්ව ගියේ, යළි ලක්දිවට පැමිණි පසු තමන් හට පැවිදි වීමට අවසරය දෙන්නේය යන පොරොන්දුව පිටය.
නැව් නැඟ මහමුහුද තරණය කළ අරිට්ඨ නම් අමාත්‍යවරයා ධර්මාශෝක මහ රජතුමන් හමුවී දේවානම් පියතිස්ස මහ රජතුමන් ලබා දුන් සන්නස පිළිගැන්වීය. එහි සඳහන්ව තිබුණේ “රාජ ශ්‍රේෂ්ඨයන් වහන්ස; නුඹ වහන්සේගේ යහළු රජාණන් සහෝදරයාණන්ගේ දේවි තොමෝ පැවිදි පතමින් නිබඳ සංයම ඇතිව වසන්නීය. ඒ දේවිය පැවිදි කරනු පිණිස සංඝමිත්‍රාව නම් මෙහෙණින් මෙහෙයව. ඒ මෙහෙණිනන්ව සමඟ මහා බෝධි දක්ෂිණ ශාඛාවද යවව.” යනුවෙන්ය.

මහාසංඝයාගෙන් අවසර ලත් ධර්මාශෝක මහ රජතුමා රාජ භාණ්ඩාගාරයෙන් රත්‍රන් නිකුත් කොට රියන් නවයක වට ප්‍රමාණයකින් යුතු, තුන් රියන් විශ්කම්භයකින් යුතු, පස් රියන් ගැඹුරකින් යුතු අඟල් අටක් ඝණ වූ ප්‍රමාණයකින් යුත් කටාරමක් රනින් සෑදවීය. ධර්මාශෝක මහරජතුමා සිව් රඟ සේනාව සහ මහා සංඝයා කැටුව එම කටාරමද සමඟින් මහා බෝධිය කරා ගොස් පුද පූජා පවත්වමින් මහත් ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනා මාන කරන අතරතුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අතුරුදන්ව පෙළහර පාන්නට විය. ඒ සිදුවීම් දැක ඉමහත් සතුටට පත්වූ ධර්මාශෝක මහ රජතුමා “මාගේ මේ රාජ්‍යය මහා බෝධිය වෙත පූජා කරමි” යි කියා ශ්‍රීය මහා බෝධීන් වහන්සේ හට රාජ්‍යය අභිෂේක කළේය.
ධර්මාශෝක මහරජතුමා විසින් දහසක් පමණ රැස්ව සිටි භික්ෂූන් වහන්සේලාගේ අවවාද අනුශසනා මත, රනින් නිමවන ලද කටාරම ශ්‍රී මහා බෝධිය අසල තබා, රන් පතකින් ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වෙන් විය යුතු තැන රේඛාවක් ඇඳ “ඉඳින්... මේ මහා බෝධිය ලංකාද්වීපයට යා යුතු වේද, ඉඳින් මම සර්වඥයන් වහන්සේගේ ශාසනයෙහි විමති රහිත වෙම්ද, මේ යහපත් වූ දක්ෂිණ මහා ශාඛාව තමා විසින්ම සිඳී මේ රන් දෙනෙහි පිහිටාවා”යි සත්‍යක්‍රියා කළේය.
ඒ සත්‍යක්‍රියාවත් සමඟ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව රේඛා කළ තැනින් වෙන්ව, මහත් වූ මුල්ද නික්මෙමින් කටාරම මත පිහිටියේය. ඒ ප්‍රාතිහාර්යය දුටු ධර්මාශෝක මහ රජතුමා මෙන්ම, භික්ෂු සංඝයාද දහස් ගණන් ජනතාවද සාධුකාර දෙමින් උතුරා ගිය ශ්‍රද්ධා භක්තියෙන් යුතුව ප්‍රීති ඝෝෂා කරන්නට විය. කටාරම මත මහාබෝධි ශාඛාව පිහිටනවාත් සමඟම මහපොළොව කම්පා වී දෙව් බඹුන්ගේ දිව්‍ය තූර්ය වාදනයන්ගෙන්ද සාධු නාදයන්ගෙන්ද දසත පුරා ඝෝෂාවක් මෙන් පැතිරී ගිය අතර, කටාරම මත වු බෝධි වෘක්ෂයේ බෝ පත්‍රයන්ගෙන් සවණක් රැස් දසත විහිදුවමින් කටාරම සහිත වූ මහාබෝධිය අහසට පැන නැඟී දින හතක් පුරා දෙව් බඹුන්ගේ පුද පූජාවන්ට ලක්විය.
අහසට පැන නැඟී තිබෙන ශ්‍රී මහා බෝධි ශාඛාව එදා සියලු මිනිසුන් හට අහසේ හොඳින් දිස්විය. නොයෙක් ප්‍රාතිහාර්යයන් පා ජනතාව විශ්මයට පත්කළ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව දින හතකින් පසුව පොළෝ තලයට ළං විය. මේ ප්‍රාතිහාර්යය දැක අපරිමිත වූ ශ්‍රද්ධාවකින් සිටි ධර්මාශෝක මහරජතුමා දෙවනවරටත් තම රාජ්‍යය ශ්‍රී මහා බෝ සමිඳු වෙත අභිෂේක කළේය.
මෙලෙස දෙසතියක් පුරා පුදපූජා පවත්වා වප් පුන් පොහෝ දින මුළු දඹදිව පුරා අලංකාර ලෙස සරසවා තම රාජධානිය වෙත වැඩම කරවා මණ්ඩපයක් තුළ බෝ සමිඳු තැන්පත් කරවීය. ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වෙන් කළ දින සිට දාහත්වැනි දවසේ එක විටම, “අංකුර නවයක්” ප්‍රධාන බෝධියේ දක්ෂිණ ශාඛාව වෙන් වූ ස්ථානයෙන් හටගත්තේය. එය දැක ඉමහත් සතුටට පත් ධර්මාශෝක අධිරාජ්‍යයා තුන්වැනි වතාවටද ශ්‍රී මහා බෝධිය වෙත තම රාජ්‍යය අභිෂේක කරමින් බෝධි පූජා පැවැත්වීය.
ධර්මාශෝක මහරජතුමා විසින් ගංඟා නම් ඟං ඉවුරේ සරසවන ලද නෞකාවක ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ රන් දෙනක බහාලූ දක්ෂිණ ශාඛාව තැන්පත් කරවා, සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ සමඟ තවත් මෙහෙණින් වහන්සේලා එකොළොස් නමක්ද, අරිට්ඨ නම් අමාත්‍යවරයාද එම නැවට නංවා, ගංඟා නම් ගඟ දිගේ දෙව් මිනිසුන්ගේ පුද පූජාවන් මැද තාම්‍රලිප්ති නම් තොටුපොළ වෙත පැමිණියේය. එහිදී ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් ශ්‍රී මහා බෝධිය මුහුදු තීරයේ වඩා හිඳුවා නැවත වතාවක් ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත තම රාජ්‍යය අභිෂේක කළේය.
එලෙස පුදපූජා පවත්වා යළිත් නෞකාව මත ශ්‍රී මහා බෝධිය තැන්පත් කොට සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ඇතුළු තෙරණින් වහන්සේලාද, අරිට්ඨ නම් අමාත්‍යවරයාද, නැවට නංවා ධර්මාශෝක මහරජතුමා අරිට්ඨ අමාත්‍යවරයා හට මෙසේ කීය. “මම තුන්වරක් මහා බෝධිය රාජ්‍යයෙන් පිදුවෙමි; එසේම, මාගේ යහළු රජ තෙමේ ද රාජ්‍යයෙන් පුදාවා!” යි පවසා ඇඟිලි බැඳ වන්දනා කරමින් මහා බෝධිය වෙන්වීම දරාගත නොහැකිව කඳුළු වගුරුවමින් නෞකාව නොපෙනී යනතුරු ධර්මාශෝක මහරජතුමා සාධුකාර දෙමින් බලා සිටියහ.
දෙව් බඹුන්ගේ පුද පූජාවන් මැද නෞකාව සාගරය තරණය කරද්දි නාග ලෝකයේ සිටින ඉද්ධි බල සම්පන්න නාගයන් විසින් නොයෙක් ප්‍රාතිහාර්ය දක්වා සංඝමිත්තා මෙහෙණිය ඇතුළු පිරිස බිය වද්දවා ශ්‍රී මහා බෝධිය රැගෙන යාමට උත්සාහ දැරීය. මහත් ඉද්ධි බල සම්පන්න රහත් මෙහෙණින් වහන්සේනමක් වන සංඝමිත්තා රහත් මෙහෙණිය ගුරුළු වෙස් ගෙන නාගයන් බිය ගැන්වීය. ඉන්පසු නාගයන් රහත් තෙරණිය ඉදිරියේ දණින් යැද නාග භවන වෙත ශ්‍රී මහා බෝධිය වැඩම කොට නාගයින් විසින් දින හතක් පුරා පුද පූජා පවත්වා නාගරාජ්‍යය පවා පූජා කොට ගෙනැවිත් නැවෙහි පිහිටවූහ. එදිනම සාගරය තරණය කොට ලක්දිව දඹකොළ පටුන නම් මුහුදු තීරයට ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගත් නෞකාව සේන්දු විය.
![]() |
මහා බෝධි දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩමවීම... |
ශ්‍රී මහා බෝ සමිඳු ලක්දිවට වැඩමවන තුරු නොඉවසිල්ලෙන් බලා සිටි දේවානම්පියතිස්ස මහරජතුමා කරවටක් ජලයට බැස බොහෝ ජනයා සමඟ බෝධිය හිසින් දරා අලංකාර ලෙස සරසවන ලද මණ්ඩපයක වඩා හිඳුවා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ප්‍රථම වරට ශ්‍රී ලංකා රාජ්‍යය පුදනු ලැබීය.
ලක්දිව සියලු මාර්ගයන් උත්සවශ්‍රියෙන් සරසවා මහා සංඝරත්නයද දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ද පිරිවරා ගෙන අනුරාධපුරයේ මහමෙව්නා උයන වෙත වැඩමවාගෙන එන අතරතුර පවා මිහිඳු මහරහතන් වහන්සේගෙන් අසා අතරමඟ යම් යම් ස්ථානයන්හිදී මහාබෝධිය වඩා හිඳුවා පුදපූජා කරන්නට විය. මෙලෙස වැඩමවාගෙන පැමිණි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මේ භද්‍රකල්පයේ පහළ වූ සිව් බුදුවරයන් වහන්සේලා සේවනය කරන ලද අනුරාධපුර මහමෙව්නා උයන කරා වැඩමවා ගෙන පැමිණ, පෙර බුදුවරයන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලා පිහිටි ස්ථානයේ තැන්පත් කිරීම පිණිස අතින් තොර කරනවාත් සමඟම ශ්‍රී මහා බෝධිය අසූ රියනක් පමණ අහසට පැන නැඟී සවණක් ඝණ රැස් විහිදුවමින් ඒ රශ්මියෙන් ලංකාද්වීපය පුරාම ආලෝකවත් කරන්නට විය. ඒ ප්‍රාතිහාර්යය දැක ප්‍රසන්න සිත් ඇතිවුණු දසදහසක් පුරුෂයන් සමථ - විදර්ශනා වඩා අර්හත්වයට පැමිණ පැවිදි බවට පත්වූහ.
මෙලෙස දවස පුරා අහසට පැනනැඟී සවණක් ඝණ රැස් විහිදුවමින් පැවැති ශ්‍රී මහා බෝධිය සූර්යයා පහව යන සවස් කල්හි යළි පහතට පැමිණ පෘථිවියෙහි පිහිටියාය. එවිට මහපොළොව කම්පා විය. ඒ සමඟම රනින් තනන ලද කටාරමෙන් උඩට නැඟි ශ්‍රී මහා බෝ සමිඳු පොලෝ තලය තුළ පිහිටියහ. ඒ සමඟම සිහින් වළාකුළුවලින් බෝධිය වැසී ගොස් දින හතක් බෝ සමිඳු වෙත මහා වැස්සක් ඇදහැළුණේය. ඒ දින හත තුළ සිහින් වළාවන්ගෙන් බෝධිය වසාගෙන තිබූ නිසා ජනතාවට දැකගත නොහැකි විය. ඒ දිනහත ඇවෑමෙන් වළාකුළු සමඟ ඒ වැස්ස පහව ගොස් සවණක් ඝණ රැස් විහිදුවමින් බෝ සමිඳු දිස් විය.
එදින මිහිඳු මහරහතන් වහන්සේද, සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ඇතුළු සංඝයාද, දේවානම්පියතිස්ස මහරජතුමාද, පැමිණ මේ අසිරිමත් ප්‍රාතිහාර්යය දෙස බලා රැස්ව සිටි දහස් සංඛ්‍යාත මිනිසුන් සමඟ සුවඳ මල් ආදියෙන් පුදපූජා පවත්වන්නට විය.
මහානුභාව සම්පන්න දෙව්බඹුන් පවා ශ්‍රි මහා බෝධියේ ප්‍රාතිහාර්යය දැක විශ්මයට පත්වී, සාධුනාද දෙමින් පුදපූජා පවත්වන්නට විය. ඒ මොහොතේදී ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාවෙන් නික්මෙන්නා වූ බෝ ඵලයන් මිහිඳු මහරහතන් වහන්සේ විසින් රැගෙන, එය රෝපණය කිරීම පිණිස දේවානම් පියතිස්ස මහරජතුමන්ට දුන්හ.
සුවඳවත් ද්‍රව්‍යයය මිශ්‍රකර පස්වලින් පුරවන ලද රනින් කරනු ලැබූ කටාරමක එම බෝ ඵලය රෝපණය කළ විගසින්ම සියල්ලන් බලා සිටියදී අංකුර අටක් පැනනැඟී සතර රියන් පමණ උසින් විහිදුණු තරුණ බෝ රුක් බවට පත්විය. ඒ තරුණ බෝ රුක් දැක විශ්මයට පත්වූ දේවානම්පියතිස්ස මහරජතුමා නැවතවරක් ශ්‍රී ලංකාද්වීපය බෝ සමිඳුන් හට අභිෂේක කළේය.
අදටත්, ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අෂ්ට ඵල බෝධීන් ලෙස හඳුන්වනු ලබන එම අසිරිමත් බෝධි ශාඛාවන් ලක්දිව පූජ්‍ය ස්ථානයන්හි දැකගත හැක. මෙයින් අනතුරුව දෙතිස් ඵල බෝධි ශාඛාවෝ දෙවනවරටත් හටගත් අතර ලක්දිව සැදැහැවත් ජනතාවට අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනාමාන කොට, බෝධි පූජා පවත්වමින් පින් රැස් කරගැනීම උදෙසා ලක්දිව පුරා විහිදුණු වෙහෙර විහාරස්ථානයන්හි එම බෝධි ශාඛාවෝ රෝපණය කරන ලදී.
ඉන්පසුව, සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ සමීපයෙහි අනුලා දේවිය ප්‍රධාන පන්සියයක් බිසොවුන් පැවිදි වී රහත් බවට පත්විය. පන්සියයක් පිරිවර සමඟින් සිටි අරිට්ඨ නම් අමාත්‍යවරයා ද මිහිඳු මහරහතන් වහන්සේ සමීපයෙහි පැවිදි වී අර්හත්වයට පත්විය.
මහමෙව්නාව
පණ්ඩුකාභය රජුට දාව ස්වර්ණපාලී මෙහෙසිය කුසින් උපන් මුටසීව නම් කුමරු පණ්ඩුකාභය රජුගේ ඇවෑමෙන් පසු රජකමට පත් වේ. මහාවංශයෙහි මෙසේ සටහන් වුවත් රාජාවලිය නමැති ග‍්‍රන්ථයේ සදහන් වන ආකාරයට පණ්ඩුකාභය රජුට අනතුරුව රාජ්‍යය භාරගන්නේ ඔහුගේ පුත් ගණතිස්ස කුමරුය. පුත් මුටසීව රාජ්‍යයට පැමිණෙන්නේ ඊට වසර දහතුනකට පසුවය. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රෝපණය කර ඇති මහමෙව්නා උයන කරවන ලද්දේ මුටසීව රජු විසිනි. එම උයන සදහා භූමිය වෙන් කරන දිනයේ අකල් මහා වැස්සක් ඇති වූ නිසා "මහාමේඝවන" හෙවත් "මහමෙව්නා" යන නාමය යෙදුණි.
දේවානම්පියතිස්ස රජතුමාගේ පියාණන් වූ මුටසීව රජතුමා යුද්ධ කෝලාහල කිසිවක් නැතිව අනුරාධපුරයෙහි වසර හැටක් පමණ රාජ්‍යය කළේය.
![]() |
මහමෙව්නාවේ වැඩ සිට සිටින විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ සිතුවමක්.... මෙය ලොව පැරණිතම වෘක්ෂයක්ද වේ. |
මහාවිහාරයේ සංවර්ධනයත් සමඟින් මහමෙව්නාවද සංවර්ධනයට පත්විය. මහමෙව්නාවත්, මහාබෝධියත් කේන්ද්‍රකරගනිමින් ලක්දිව සෑම තැන්හිම බෞද්ධ සංස්කෘතිය ව්‍යාප්ත කළ හෙයින් මහාවිහාරීය සම්ප්‍රදාය ගරු කළ ථෙරවාදී භික්ෂු පරපුරත්, බෞද්ධ ගිහියනුත් මහමෙව්නාව දිවි හිමියෙන් ගරු කළහ. එහෙයින් මහමෙව්නා යන නාමය හෝ වෙනත් කටයුත්තක් සඳහා භාවිත නොකොට එහි ඓතිහාසිකත්වය ජාතික - ශාසනික උරුමයක් වශයෙන් මතු පරපුරට දායාද කළහ. අද වන විට එය අනුරාධපුර අටමස්ථානයට අයත්ය. "මහමෙව්නාවෙහි ඓතිහාසිකත්වය වැනසිම දිවිහිමියෙන් රැකගත් චිරාගත ථෙරවාදී බුදු සසුනට එල්ල කරන මරු පහරක් වශයෙනුත්, සංස්කෘතික මංකොල්ලයක් වශයෙනුත් සැලකේ." නමුත්, ඇමෙරිකානු දේවරාජ්‍ය මෙහෙයුම තුළ බළල් අතක් වී සිටින කිරිබත්ගොඩ ඤාණානන්ද නම් ශාසනික කඳ පණුවා විසින් මහමෙව්නාවේ ඓතිහාසිකත්වය වනසමින් සංස්කෘතික මංකොල්ලය සිදුකර ඇති ආකාරය විකීපීඩියා නිදහස් සංචලනය වෙත යාමෙන් විමසා බැලිය හැකිය. මාගේ පෞද්ගලික අදහස අනුව නම් කිරිබත්ගොඩගේ මේ සංස්කාතික විනාශය එදා (1985 මැයි 14) වැනිදා මිලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් විසින් මහමෙව්නා උයනේ සිදු කළ බෞද්ධ සංහාරයට වඩා මිලේච්ඡ ක්‍රියාවකි. උඩමළුවට කඩා වැදුණු උන්මන්තකයෙකු විසින් මහා බෝධි ශාඛාවක් සිඳ දැමීමට වඩා මිලේච්ඡ, තුච්ඡ, නින්දිත, සාපරාධී ක්‍රියාවකි. එදා බාහිරින් පහර දී කොටින් ලවාවත් විනාශ කළ නොහැකි වූ මහමෙව්නාව අද කිරිබත්ගොඩ ඤාණානන්ද ලවා ශාසනය තුළින්ම විනාශ කර දැමීමට ඇමෙරිකාව සමත් වී ඇත. තථාගත සම්බුද්ධ ශාසනයටත් නිගරු දෙන මේ අල්පශ්‍රැත ගන්ධබ්භයින් විසින් අනුරාධපුරේ මහමෙව්නාව අසලම තවත් මහමෙව්නාවක් ඇරැඹීය. නමුත්, වාසනාවකට මෙන් එහි භයානක කම වටහාගත් අපේ ශාසනාලයැති හිමිවරුන්ගේ මැදිහත්වීමෙන් එය වැළැක්වීමට හැකි විය. එහෙත්, අනුරාධපුරයටත් ගොඩගැලූ මහමෙව්නා සුනාමිය ඉන් නොනැවතිණ. "මහමෙව්නා" යන නාමය අමුඅමුවේම යොදා නොගත්තත්, "මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුව" නමින් අනුරාධපුර - ලෝලුගස්වැව - වටවන්දනා පාරේ ශාඛාවක් ඇරැඹීය.අහෝ! ඛේදනීය ඉරණමක මහත. අපගේ අදීන බෞද්ධ උරුමයට අද කුමක්ද මේ සිදුවීගෙන යන්නේ...? ඇරත් කිරිබත්ගොඩ ඤාණානන්දගේ මහමෙව්නා අසපු සංකීර්ණයේ ප්‍රධාන මූලස්ථානයට මෑතකදී තැබූ නමක් වනුයේ "මහාවිහාරය" යනුවෙනි. එහි ලිපිනය, "මහමෙව්නාව මහාවිහාරය උඩ අපරැක්ක, අපරැක්ක, මාතර" ය. ඒ අනුව චීවරධාරී මේ අධමයින් විසින් මහාවිහාරයටත් කෙළවා ඇතැයි කීවොත් වැරදි නැත. අදෝමැයි!
සැබැවින්ම මිහිඳු මහරහතන් වහන්සේ අද වැඩ සිටියා නම් කිරිබත්ගොඩ ඤාණානන්දට ටොකු ඇන උක්ඛේපනීය කර්මය පනවනු නිසැකය. ඒ වෙනුවට කිරිබත්ගොඩ ඤාණානන්දට එක්තරා මහානායක හිමිනමක් සෙවන සලසනුයේ චිරාගත ශාසනික සම්ප්‍රදායනුත්, නිර්මල ථෙරවාදයත් ගරු කරන මෙරට මහා සංඝරත්නයේත්, ගිහි බෞද්ධ ප්‍රජාවගේත් දරුණු විවේචන පවතිද්දීය. අලගෙඩියක් තරම්වත් මොළගෙඩියක් තිබේ නම් අඩුම තරමින් මේ මහානායක තැනට මහමේනාවේ ඓතිහාසිකත්වය වැනසීම ඉඩ නොදිය යුතු යැයි අඳ බාල කිරිබත්ගොඩයන්ට පහදා දීමට සිතිවිල්ලක් හෝ පහළ නොවීම අරුමයක්මැ'යි. එලෙස මෙරට බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන මූලය වූ මහමෙව්නාවේ ඓතිහාසිකත්වය විනාශ වන විට සමස්ත බෞද්ධ උරුමයම වැනසී යන්නේ මුල සිඳ දැමූ කල ගසත් වැනසී යන අයුරු සපථ කරවමිනි. එය සිදු වී ගෙන යයි. අනෙක් පසින් බුදුන් උපන්නේ ලංකාවේ බව ය කියමින්, වෙන කොහේදෝ පිහිටි කාක බෝධියක් මහාබෝධිය ලෙස හුවා දක්වන මිත්‍යාමතධාරීන් පිරිසක් දැනටමත් පහළ වි තිබේ. කුඩා කල විධිමත් දහම් අධ්‍යාපනයක් නොලැබූ, හරිහමං ශාසන ඉතිහාසයක් නොදන්නවුන්ට මේ සිදුවන අකල් විනාශය පෙනෙන්නේ නැත. අපේ අනාගත දරුවන් පොතපතට වඩා අන්තර්ජාලය පරිහරණය කරන බැවින් මහමෙව්නාව යනු කුමක්දැයි වටහා ගැන්ම පිණිස මෙම බ්ලොග් ලිපිය හේතු වනු ඇතැ"යි විශ්වාස කරමි. සැබැවින්ම මේ සිදුවන මහා විනාශය හා සංස්කෘතික මංකොල්ලය දෙස බලන විට සිංහල බෞද්ධයෙකු වශයෙන් මෙන්ම, දහම් ගුරුවරයෙකු වශයෙන් ම'සිතෙහි පැනෙන්නේ දරාගත නොහැකි තරම් වේදනාවකි; ද්වේශය නම් වූ අකුසල මූලය යි. එසේ වුවත් කම් නැත. මන්දයත්, මට නිවන තවත් දුරය.
http://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80_%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8F_%E0%B6%85%E0%B7%83%E0%B6%B4%E0%B7%94%E0%B7%80 (මේ ලින්කුව ඔස්සේ විකීපීඩියා නිදහස් සංචලනය වෙත යන්න. "මහමෙව්නාව" යනුවෙන් අන්තර්ජාලයේ පළවන විස්තර සහ ඡායාරූප ගවේෂණය කොට බලන්න. සැබෑ මහමෙව්නාවට අත්ව ඇති ඉරණම ඔබේ හදවතින්ම විමසා බලන්න.)
මහමෙව්නාව පිළිබඳව වර්ණනා කෙරෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරියෙකු හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘතියේ පර්යේෂණ නිලධාරී පූජ්‍ය ගොඩාමුණේ පඤ්ඤාසීහ අප ගුරු හිමියන් විසින් රචිත වැහිකඳුළක් ගී පද සරණියෙහි එන පැදි පෙළක් ඔබ හමුවේ තැබීම වඩාත් උචිත යැයි සිතමි.
මහමෙව්නාවේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ පිළිබඳව ඔබ අසා ඇතැයි සිතමයි. කෙදිනක හෝ එය දැක නොමැති නම් සියැසින් දැකීමට ආරාධනා කර සිටින අතරම, පහත ඡායාරූප හා විස්තරයන් තුළින් මහමෙව්නාවේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ පිළිබඳව දළ අවබෝධයක් ලබා ගනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
ලංකාවේ විශිෂ්ට බුද්ධ ප්‍රතිමා අතර අනුරාධපුර අභයගිරි භූමියෙහි කුට්ටම් පොකුණට නුදුරින් ඇති සමාධි බුද්ධ ප්‍රතිමාව විශේෂ තැනක් ගනී. හිඳි පිළිම ගණයට අයත් වන එය වීරාසනයෙන් නිමවා ඇත. එහි මුද්‍රාව ධ්‍යාන මුද්‍රාවයි. උස අඩි 08යි අඟල් 06කි. දෙදණ අතර දුර ප්‍රමාණය අඩි 08යි අඟල් 05කි. චාම් මටසිලිටි පෙනුමක් ඇතිවන සේ නෙළා ඇති මෙම ප්‍රතිමාවේ සිවුර නිරූපණය කර ඇත්තේ ඒකාංශකර පොරවාගත් ස්වරූපයෙනි. කිසිල්ල යටින් පපු පෙදෙස හරහා යන සියුම් රේඛාවකින් නිරූපණය කැරෙන සිවුර ඇඟටම ඇලෙන ස්වභාවයක් පෙන්වයි. සිවුරෙහි රැළි නොමැත. පිරිපුන් හිස හා පුළුල් නලල් තලය දිස්වන සේ නිරූපණය කර ඇති මෙම සමාධි බුද්ධ ප්‍රතිමාවෙන් සියලු කෙලෙස් ගිනි නිවීමෙන් සැනසුණු බුදුරදුන්ගේ සංයමය, සමාහිතතාවය ශරීරයෙන් මතුකර දක්වා ඇත. ශරීරය ඍජුය. අඩවන් දෙනෙත් නාසයේ කෙලවරට යොමු නොවන සේ නෙලීමෙන් ශාන්තභාවය ඔප් නැංවී ඇත. භාරතීය ප්‍රතිමා සමඟ සසඳා බලන විට මෙම ප්‍රතිමාව කිට්ටු වන්නේ මථුරා සම්ප්‍රදායට බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි. බුදුරජාණන් වහන්සේගේ සමාධිගත අවස්ථාව කළුගලකින් නිර්මාණය කර ඇති ආකාරය විශ්මයජනකය. එය දකින සැදැහැතියා තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ජනිත වෙයි. ලෝකයම අමතක වී තමා ද නිවී සැනැහුණු තත්ත්වයකට පත්වෙයි. නිදහස් ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධූරය හෙබැවූ හින්දු භක්තික ජවහර්ලාල් නේරු මහතා සිරගතව සිටියදී සිතට සැනසිල්ල ලබා ගත්තේ මෙම සමාධි ප්‍රතිමාවේ සේයාරුව දෙස බලා සිටීමෙන් බව ඔහුම සඳහන් කර ඇත. දේශීය ප්‍රතිමා කලාවේ අදීන ලක්ෂණ පිළිබිඹු කැරෙන නිර්මාණයක් ලෙස මෙම සමාධි ප්‍රතිමාව කලා විචාරකයන්ගේ නොමඳ සැලකිල්ලට භාජනය වී ඇත. මුලදී සඳහන් කළ පරිදි එය උරුසිලා පටිමා ආදී විවිධ නම්වලින් මහාවංශයේ සඳහන් වන්නේ මෙම ප්‍රතිමාව යැයි සැලකේ. එය දෙටුතිස් රජු විසින් ථූපාරාමයෙන් සිට පාචීනතිස්ස පබ්බතාරාමයට වැඩමවා ඇත. ධාතුසේන රජතුමා විසින් මෙම ප්‍රතිමාව සඳහා මණ්ඩපයක් සහිත පිළිම ගෙයක් කරවන ලද සඳහන් වෙයි. සමාධි ප්‍රතිමාව පිළිබඳ කියැවෙන සියලුම තොරතුරු හා එහි නිර්මාණ ලක්ෂණයන් සැලකිල්ලට ගත්විට එය ඉපැරණිම යුගයට අයත් බුද්ධ ප්‍රතිමාවන්ගෙන් එකක් යැයි සඳහන් කළ හැකිය.
ඉහත තොරතුරු අනුව "මහමෙව්නාවේ සමාධි බුද්ධ ප්‍රතිමාව" යනු කුමක්දැයි දැන් ඔබට වැටහෙනවා ඇත. කිරිබත්ගොඩ ඤාණානන්දගේ ඩුප්ලිකේට් මහමෙව්නාවේ සම්බුද්ධ රාජ මාළිගාව තුළ නාරි ලීලාවෙන් අඹා ඇති සමලිංගික ප්‍රතිමා තවදුරටත් බුද්ධ ප්‍රතිමා යැයි සලකා වැඳුම් පිදුම් කළ යුතු නැත.
කිරිබත්ගොඩ ඤාණානන්ද නම් වූ කෙලෙස් රජස් පිරි පඤ්චස්කන්ධය පිළිබඳව අපගේ කිසිඳු පෞද්ගලික වෛරයක් - කෝන්තරයක් නැත. තිබුණේත් නැත. තිබෙන්නේත් නැත. එහෙත්, එකී පඤ්චස්කන්ධය තුළ සිටින නිර්මල සද්ධර්මයත් - ශාසනයත් වැනසීමේ කුරිරු චේතනාවෙන් පෙළෙන යක්ෂයා පිළිබඳව ඇත්තේ බරපතල ප්‍රශ්නයකි. මේ කඳපණුවන් පසුපස දුවන්නන් වාලේ හෝ ඔහේ දුවන අපේ ඊනියා නාමධාරී සිංහල බෞද්ධයන් සමඟ වුව අපට කිසිත් තරහක් නැත. මේවා කියන විට එසැණින් කුලප්පු වන, තප්පුලන සිල්වතුන්ද බොහෝය. බුදු සසුන රකින මුවාවෙන් මහා විනාශයක් සිදුකරන කිරිබත්ගොඩ ඤාණානන්දගේ ආවර්තනී මායාවට හසු වී සිටින ඒ ඇත්තන් කෙරෙහි අපට ඇත්තේ මහත් අනුකම්පාවකි. මේ රටේ ජාතික - ශාසනික උරුමය ගරු කරන ඒ ඇත්තන්ට කාරණාකාරණ නිවැරදිව වටහා දීමෙන් මේ සිදුවන අකල් විනාශය යම් පමණකට හෝ වළක්වා ගත හැකි වනු ඇත. මෙසේ කියන විට ඔවුන් දහසකුත් ප්‍රශ්න නඟනු ඇත. ඒ සියල්ලටම සරල පිළිතුරක් වශයෙන් පහත අපූරු ගීතය ගෙන හැර දක්වමි. එහි වර්තමාන කියැවීම විමසා බැලීම බුදු දහමත්, අතීත උරුමයනුත් පරපුරෙන් පරපුරට දායාද කිරීමට උපස්ථම්භක වනු ඇත.
![]() | ||||
http://www.youtube.com/watch?v=eeAbwpA-kF8
මේ සිදුවන මහා ශාසනික විනාශය දැකදැකත් අපට තවත් බලා සිටිය නොහැකිය. එහෙයින්, ඇත්ත ඇති සැටියෙන් දකින ශාසනාලයැති ගිහි පින්වතුන් වෙත් නම් මේ සම්බන්ධයෙන් තවතවත් ප්‍රජාව දැනුවත් කරන්නැයි කාරුණිකව දැනුම් දෙනු කැමැත්තෙමි. එසේම, අන්තර්ජාල බ්ලොග් අඩවි හා වෙබ් පිටු පවත්වාගෙනන යන දෑ හිතකාමී ශාසනාලයැති පින්වතුන්ටද සුහද සිතින් ආරාධනා කර සිටිනුයේ අන්තර්ජාලය තුළ දහම් පිපාසාවෙන් පෙළෙන පිරිස් අතරමං නොකරනු වස් මේ පිළිබඳව වඩවඩාත් දැනුවත් කරන ලෙසය. සැබෑ ලෙසම මහමෙව්නාව යනු කුමක්ද? මහාවිහාරය යනු කුමක්ද? යන්න පිළිබඳව අනාගත පරපුර දැනුවත් කරන්න. එය මහා විනාශයක් වළක්වා ගැනීමේ පියවරක් වනු ඇත. යමෙකු කියත් නම් මේ ගැන දැනුවත් කිරීම දහම් පිපාසාවාට ප්‍රතිකර්මයක් නොවේ යැයි කියා... එසේම, මහමෙව්නා අසපුවේම නිර්මල ධර්ම - විනය පවතින්නේය කියා... මහමෙව්නා අසපුවේ ධර්මය විකෘති කිරීම් ගැන මිළඟ ලිපිය තුළින් බලාපොරොත්තු වන්න. ඇරත් ඔවුන් කියන පරිදි මහමෙව්නා අසපුවේ වෙන කොහේවත් නැති ධර්මයක් හා ගෞතම බුදුසසුනක් තිබේ නම් දැනටමත් එය රහතුන්ගෙන් හිස් නොවනු ඇත.
සියලු දෙනාටම සම්මා දිට්ඨිය පහළ වේවා...!
පංචන ජයසිංහ
"කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ ක්‍රියාකලාපය කිසිසේත්ම පැවිද්දෙකුට සුදුසු නොවේ..." ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමියෝ කියති.
01) උන්වහන්සේ මෙරට භික්ෂූන් පිළිබඳව දැඩි සේ ප්‍රකාශ කළේ මෙරට උපසම්පදාව නොමැති බව හා එංගලන්තයේ නිර්මල උපසම්පදාව පවතින බවයි. ඒ මතයෙහි පිහිටි උන්වහන්සේ එංගලන්තයේ උපසම්පදාව මෙහි පිහිටුවන බව කීහ. මෙය නූගත් ගිහියන් මෙන්ම, ශාසනිකව පැහැදී උන්වහන්සේ වෙත පැවිදි වූ පිරිස් මුලා කිරීමකි. මෙරට උපසම්පදාව දැනට නොමැති නම් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් පැවිදි කළ ගුරුවරයාත් එයට අයත් වේ. එවිට තමන්ටද මහණකමක් නැත. ශිෂ්‍යයන් පැවිදි කළත් ඔවුන්ටත් පැවිද්දක් නොපිහිටයි. උන්වහන්සේගේ උපසම්පදාව සඳහා එංගලන්තයෙන් පැමිණි පැවිද්දෝද වැඩි දෙනෙක් මෙරටින් මහණ උපසම්පදාව ලත් අය වූ අතර, උපසම්පදා විනය කර්මයට ගණපූරකයක් වූයේ මෙරට භික්ෂූන් වහන්සේලාය. (උපසම්පදාවක් නැතැයි කියන) මෙය ප්‍රෝඩාවකි. 02) අපේ සාම්ප්‍රදායික විහාරස්ථානවලට ලැබෙන ප්‍රත්‍යය පවා වැළකී යන පරිදි විහාරස්ථාන මිදුලේ හෝ ආසන්නයේම අසපු ඉදිකිරීම ඉමහත් බාධාවකි. පැරණි විහාරස්ථානවල කටයුතුවලට ධන බලය - පිරිස් බලය යොදා පැහිදිලිවම බාධා කරන බවට සාක්ෂි තිබේ. 03) මෙරට අතිශය සම්භාවනාවට පාත්‍ර වූ ලක්ෂ සංඛ්‍යාත පිරිස් භාවනා ප්‍රගුණ කරන කඳුබොඩ භාවනා ක්‍රමය දැඩි සේ අපහාසයට - උපහාසයට ලක්කිරීම දිගින් දිගටම සිදුවිය. මෙය ශාසනාලයැති, භාවනා පිළිබඳ විශ්වාස කරන අයගේ පිළිකුලට හේතුවකි. 04) භික්ෂූන් අතර සමඟිය - සහජීවනය බිඳී යන පරිදි තරුණ ශිෂ්‍ය භික්ෂූන් විවිධ උපක්‍රම යොදා තමන් වෙත නතුකර ගැනීම, බොහෝ ශිෂ්‍යයන් අතරමං කිරීම. 05) ත්‍රිපිටක ග්‍රන්ථවල බොහෝ අර්ථ විකෘති කිරීම, අභිධර්මය හාස්‍යයට ලක්කිරීම, බුදුගොස් හිමියන් වැනි ධර්මධරයින් හෑල්ලුවට ලක්කීම, ධර්ම කොට්ඨාස හෑල්ලුවට ලක්කිරීම සහ යම් යම් අදහැමි මූල්‍ය ප්‍රශ්නද ඉස්මතු වී ඇති බව පුවත්පත්වලින් දුටිමු. මෙම නොයෙක් ප්‍රශ්න හේතු කොට ගෙන ධන බලය - පිරිස් බලය යොදා තමන්ව විවේචනය කරන ගිහි - පැවිදි දෙපක්ෂයටම තාඩන පීඩන කරන බව දැනගන්නට තිබේ. එසේ කිරීම පැවිද්දෙකුට කිසිසේත්ම සුදුසු නොවේ. මේ පිළිබඳ යථාර්ථයෙන් අපක්ෂපාතීව සලකා බලන මෙන් පින්වත් ජනාධිපතිතුමාටත් (බුද්ධ ශාසන අමාත්‍යය), නියෝජ්‍ය අමාත්‍යතුමාටත් ශාසනාලයෙන් සිහිපත් කරමු. මාගේ ශාසනික අදහස මේ පිළිබඳ ගිහි පැවිදි දෙපක්ෂයෙන් යුත්, කමිටුවක් පත්කර විමසා බැලීම සුදුසු බවයි.
සම්මා සම්බුදු සරණයි!
මෙයට ශාසනාලයැති විනයාචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ පියනන්ද මහා ස්ථවීර (මධ්‍යස්ථානාධිපති, ප්‍රධාන කර්මස්ථානාචාර්ය) ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහානායක සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය කඳුබොඩ - දෙල්ගොඩ ![]() "වැරදි පෙන්වා දෙන විට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ තමා වටා සිටින පිරිස් යොදවා ශිෂ්‍ය භික්ෂූන්ට හිරිහැර කරනවා..." අස්ගිරි මහනාහිමියෝ ජනපතිට දන්වයි...
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ක්‍රියාකාරකම් භික්ෂු සංඝයාගේ පොදු ක්‍රියාකාරීත්වයට හානිකර බව පෙනෙන්නට තිබේ. බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධා භක්තිය දුර්වල වෙන ආකාරයෙන් ද, සාම්ප්‍රදායික වෙහෙර විහාරස්ථානවල පැවැත්මට හානිකර ආකාරයෙන් ද කටයුතු කරනු පෙනේ. අටුවා ග්‍රන්ථ ආදිය ප්‍රතික්ෂේප කරමින් ත්‍රිපිටක ධර්මය පිළිබඳ උන්වහන්සේ ඉදිරිපත් කරඇති අර්ථකථන ද ශාස්ත්‍රීය බවක් පෙනෙන්නට නැත. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් මේ පිළිබඳ ව සංවාදයක් කිරීමට ගොස් මේ වන විට බොහෝ හිරිහැරවලටත් පත්වෙමින් සිටී. එහිදී තමා වටා සිටින පිරිස යොදවා මහමෙව්නාවේ මංගල හිමියන් හා ඤාණදීප හිමියන් ඇතුළු ශිෂ්‍ය භික්ෂූන්ට හිරිහැර කරනවා යන කාරණය පිළිබඳ සාධාරණ කරුණු අපට ද පෙනෙන්නට තිබේ.
පින්වත් මැතිතුමනි; එබැවින් මේ පිළිබඳ ව නිසි පරිදි විමසා බලා බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත්, සංඝයාගේ සමගිය ඇතිවන ආකාරයටත් කටයුතු කරනු ඇතැයි අපි අදහස් කරමු. මේ වගට; ශාසනාස්ථිකාමී; ශ්‍රී හයගිරි (අස්ගිරි) විජයසුන්දරාරාම විහාරද්වයාධිපති රංගිරි දඹුළු රජමහා විහාරාධිපති උඩුගම සද්ධම්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මහා නායක ස්ථවිර අස්ගිරි මහා විහාරය, මහනුවර ![]() |
No comments:
Post a Comment