ජාතික ගීය තහනමින් පටන්ගත් සමුපකාර කොමසාරිස්ගේ අන්තවාදය හා වද සැත්කම් ෂාෆි ගේ සබදකම් !!
ආයතනයේ සේවකයන් බහුතරයක් බෞද්ධයන් වන අතර, අංක 9789 / 9791 යන ඩබල් කැබ්වල ඩෑෂ් බෝඩයේ තබා තිබූ බුදු පිළිමද මොහු විසින් ඉවත් කර තිබෙනවා.
කොමසාරිස්වරයා විසින් අරමුදල ඉතාමත් ජාතිවාදී ලෙස යොදාගනිමින් මුස්ලිම් ජාතික ළමයින්ට පමණක් අධ්‍යාපන උපකරණ ලබා දෙන බවත්, මුස්ලිම් ගම්මාන හා පාසල් සිසුන් ට ආයතනයේ වියදමින් දේශන පවත්වන බවටත් චෝදනා එල්ල වෙයි.
එම දේශන සදහා, සිංහල මව්වරුන් වද සැත්කම්වලට ලක්කළ බවට චෝදනා එල්ලවී ඇති කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන්ද සහභාගී කරගෙන තිබේ. එම වෛද්‍යවරයා තව්හිද් ජමාත් ත්‍රස්තවාදීන් සමග සබදතා ඇති අයෙක් බවද පැවසෙන අතර, මෙම සම්මන්ත්‍රණ හරහා වහාබ්වාදී අදහස් ප්‍රචාරණයේ යෙදුනේද යන්න සොයාබැලිය යුතු බවද සේවකයන් සදහන් කර සිටී.
මේ අතර සමුපකාර කොමසාරිස් වරයා ආයතනයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී මුස්ලිම් ජාතිකයන්ට මුල් තැන දී කටයුතු කරන බවත්, සමුපකාර දෙපාර්තමේන්තුව මුස්ලිම්කරණය කිරීමේ නිරත වී සිටින ඔහුගේ අන්තවාදී ක්‍රිියාකලාපය නිසා බහුතරයක් වූ මුස්ලිම් නොවන නිලධාරීන් හා සේවකයන් දැඩි පීඩනයට පත්ව සිටින බවත් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.
-colombotoday

No comments:
Post a Comment